WhatsApp සහ Messenger වැනි සමාජ මාධ්‍ය හරහා පුද්ගලයින්ගෙන් කප්පම් ලබාගැනීමේ සිදුවීම් වාර්තා වන බව, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය සඳහන් කරයි.
පුද්ගලයින් රවටා සංවේදී දර්ශන ලබාගෙන, ඒවා සමාජ මාධ්‍ය ජාලා වලට මුදාහරින බව පවසා ඔවුන් එලෙස කප්පම් ලබාගන්නා බව එහි තොරතුරු ආරක්ෂණ ඉංජිනේරු චාරුක දමුණුපොල සඳහන් කරයි.
එවැනි නාඳුනන පුද්ගලයින් යොමු කරන පණිවුඩ වලට ප්‍රතිචාර දැක්වීමෙන් වළකින ලෙසත් එවැනි වංචාවකට හසුවී ඇත්නම්, වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට පැමිණිලි කළ යුතු බව ඉංජිනේරු චාරුක දමුණුපොල සඳහන් කරයි.
