තමන් අතින් සේවකයින්ට සිදූවූ සිදුවීම සම්බන්ධයෙන් තමා කණගාටු වන බවත් තමා අතින් සිදුවූ වරද සම්බන්ධයයෙන් රටේ ජනතාවගෙන් සමාව ඉල්ලා සිටින බව “මිස්ටර් කොත්තු” හි හිමිකරු වන විරාජ් වික්‍රමනායක සඳහන් කරයි.
“මිස්ටර් කොත්තු” හි හිමිකරු වන විරාජ් වික්‍රමනායක අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව ඇප මත මුදා හැර ඇත.
ඔහු උසාවියෙන් ඇප ලබා පිටතට පැමිණි අවස්ථාවේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ,
“වැරැද්දක් වුණා. ලංකාවටම වැරැද්දක් වුණා. සේවකයින්ට මගේ අතින් වෙච්ච දේ ගැන අවුලක් තියෙනවා. ඉතින් ඉස්සරහට ඒ වැරදි හදාගෙන අලුත් ගමනක් යනවා. මේක ඇත්තටම මගේ වැරැද්දක් නිසා වෙච්ච දෙයක්. වැරැද්ද පිළිගන්න ඕනේ. බලමු ඉස්සරහට. වෙනස් විදිහට අලුත් කොත්තුවක් අරන් එන්නම්.”
