Advertisements
Advertisements

යෝෂිත සහ කරන්නාගොඩට අධිචෝදනා

LIVE

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව අල්ලස් දූෂණ විමර්ශන කොමිසම විසින් කොළඹ මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කර ඇත.

යෝෂිත රාජපක්ෂව නිසි අධ්‍යාපන සුදුසුකම් නොමැතිව නාවික හමුදාවට බඳවා ගනිමින් බ්‍රිතාන්‍ය රාජකීය හමුදා පුහුණුව ලබාදී රජයට පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් අධි චෝදනා අටක් යටතේ මෙම නඩුව පවරා ඇත.

මෙම නඩුවේ පළමු විත්තිකරු ලෙස හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට නම් කර ඇති අතර යෝෂිත රාජපක්ෂ දෙවැනි විත්තිකරු ලෙස නම් කර ඇත.

1 Comment
Most Voted
Newest Oldest