හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂ ව්‍යාපාරික සමුළුවකට සහභාගීවීම සඳහා විදේශගත වීමට අවසර දෙන ලෙසට ඉල්ලා ඇත.
ඒ අනුව යෝෂිත රාජපක්ෂ කළ ඉල්ලීමට අදාළව නියෝගයක් නිකුත් කළ නොහැකි යැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම (04) දින සඳහන් කළේය.
සැකකරුට එරෙහිව මේ වනවිට අධිචෝදනා ගොනුකර ඇති බැවින් ඊට අදාළව නියෝගයක් මහාධිකරණයෙන් ලබා ගන්නා ලෙසද මහේස්ත්‍රාත්වරයා දැනුම් දුන්නේය.
නොතිසියක් ලද විට කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසද මහේස්ත්‍රාත්වරයා යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ යන දෙදෙනාටම නියම කළේය.
අධිකරණය හමුවේ කරුණු දක්වමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සඳහන් කළේ, මෙම සැකකරුවන් දෙදෙනා හට මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනුකර ඇති බවයි.

