හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ පුත් යෝෂිත රාජපක්ෂට සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට එරෙහිව අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති පැමිණිල්ලක් අද (04) දින කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංග එස් බෝදරගම ඉදිරියේ කැඳවනු ලැබීය.
අල්ලස් කොමිසම විසින් ගොනුකර ඇති පැමිණිල්ල කැඳවු අවස්ථාවේදී සැකකාර යෝෂිත රාජපක්ෂ සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ අධිකරණය හමුවේ පෙනී සිට ඇත.
අනතුරුව අල්ලස් කොමිසම ඉදිරිපත් කළ කරුණු සළකා බැලූ මහෙස්ත්‍රාත්වරයා යෝෂිත රාජපක්ෂට සහ හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩට, නොතීසියක් ලද විට කොළඹ මහාධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට නියෝග කළේය.

