Advertisements

යුපුන් විශාල මුදලක් ඉල්ලයි.. ඉල්ලන මුදල දෙන්න රජය බෑ කියයි

දකුණු ආසියාවේ වේගවත්ම කෙටිදුර ධාවකයා වූ යුපුන් අබේකෝන් රජයෙන් අමෙරිකානු ඩොලර් 300,000ක මුදලක් ඉල්ලන බව ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සඳහන් කරයි.

එහෙත් යුපුන් අබේකෝන් ඉල්ලන අමෙරිකානු ඩොලර් 300,000ක මුදලක් ලබාදීමට රජයට හැකියාවක් නොමැති බවද ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සඳහන් කරයි.

හිටපු ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු වාචිකව අමෙරිකානු ඩොලර් 300,000ක මුදලක් යුපුන් අබේකෝන්ට ලබාදෙන බවට ප්‍රකාශ කර ඇති බවද අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සඳහන් කරයි.

හරීන් ප්‍රනාන්දු එසේ ප්‍රකාශ කළද යුපුන් අබේකෝන් එවැනි මුදලක් අමාත්‍යංශයෙන් ඉල්ලන බවත් එහෙත් එවැනි මුදලක් ගෙවීමට අමාත්‍යංශයට හැකියාවක් නොමැති බවද අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සඳහන් කරයි.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ සඳහන් කළේ,

යුපුන් අබේකෝන්ගේ කතාව, යුපුන් කියන්නේ දක්ෂ ක්‍රීඩකයෙක්. ලංකාවට කීර්තිනාමයක් ගෙනාපු පදක්කම් අරගෙන ආපු ක්‍රීඩකයෙක්. නමුත් යුපුන් දැනට ජීවත් වෙන්නේ ඉතාලියේ.

අපි යුපුන් එක්ක සාකච්ඡා කරා. මම දිගටම යුපුන් එක්ක කතා කරා. යුපුන් අමාත්‍යංශයට ආව. මීට මාස කිහිපයකට කලින් යුපුන් පාර්ලිමේන්තුවට ඇවිත් අපි සාකච්ඡා කරා.

නමුත් යුපුන්ගේ ඉල්ලීම ටිකක් වෙනස්. ඒක අපිට අමාරුයි යුපුන්ට දෙන්න. යුපුන්ට හරීන් ඇමතිතුමා පොරොන්දු වෙලා තියෙනවා කියනවා, ඇමරිකන් ඩොලර් ලක්ෂ තුනක් එයාට දෙන්න.

ඉතින් ඒ හරීන් ඇමතිතුමා වාචිකව පොරොන්දු වෙච්ච ඩොලර් ලක්ෂ තුන අපෙන් ඉල්ලනවා. ඉතින් අපිට එහෙම සල්ලි දෙන්න බෑ.

Advertisements
1 Comment
Most Voted
Newest Oldest