වහාම හදිසි නීතිය පනවන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලයි.!

රටේ දැඩි ආපද‍ා තත්ත්වයක් ඇතිවී තිබෙන බැවින් වහා හදිසි නීතිය පනවන ලෙස සමගි ජන බලවේගය අද (28) පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් විශේෂ ඉල්ලීමක් සිදු කළේය.

කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා විසින් මෙම ඉල්ලීම සිදුකරනු ලැබීය.

මන්ත්‍රීවරයා පැවසූවේ හමුදාවට, පොලිසියට මෙන්ම දිස්ත්‍රික් ලේකම්වරුන්ට ආපදා කළමනාකරණ කටයුතු නීත්‍යානුකූලව සිදුකිරීම සඳහා මෙම පියවර ගන්නා ලෙසයි.

නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පත්කළ මන්ත්‍රී රවී කරුණානායක මහතා ද මෙහිදී අදහස් දක්වමින් කීවේ ආපදා අවස්ථාවේ කඩිනම් තීරණ ගැනීම සඳහා හදිසි නීතිය අවශ්‍ය බවයි.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest