මාර්ගයට වැටී තිබූ පස් ඉවත්කරමින් සිටි RDA සේවකයින් අනතුරකට ලක්වෙයි.!

වැලිමඩ – නුවරඑළිය ප්‍රධාන මාර්ගයේ ගවරම්මාන ප්‍රදේශයේදී මාර්ගයට කඩාවැටුණු පස් කන්දක් ඉවත් කිරීමට ගිය මාර්ග සංවර්ධන අධිකාරියේ සේවකයින් පිරිසක් අනතුරකට ලක්ව තිබේ.

ඒ පස් කන්ද ඉවත්කරමින් සිටියදී ඊට ඉහළින් වූ වේල්ලක් නැවත වරක් ගසක් සමඟ මාර්ගයට කඩාවැටීම හේතුවෙනි.

එම ස්ථානයේ සිටි ලොරි රථ රියදුරෙකු මේ වනවිට අතුරුදන්ව ඇති අතර පස් කන්දට යටවූ එක් සේවකයෙක් මුදාගැනීමට මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට හැකිව තිබුණි.

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments