By unusuma.lk on [last-modified] (LK time)
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය, රම්බොඩ ප්‍රදේශයේ අතරමංව සිටි විදේශීය සංචාරකයින් කණ්ඩායමක් ගලවා ගැනීමට ගුවන් හමුදාව සමත්වී තිබෙනවා.
සංචාරක අමාත්‍යංශය සඳහන් කළේ මෙලෙස බේරාගත් විදේශ සංචාරකයින් කණ්ඩායමට විවිධ රටවල් නියෝජනය කරන සංචාරකයින් 21 දෙනෙකු ඇතුළත් බවයි.
ඒ අනුව, එම පිරිස අතරට ඉන්දියානු සංචාරකයින් 11දෙනෙක්, දකුණු අප්‍රිකානු සංචාරකයින් 04දෙනෙක්, ජර්මානු ජාතික සංචාරකයින් 02ක්, බ්‍රිතාන්‍ය සංචාරකයින් 02ක් සහ ස්ලෝවේනියානු සංචාරකයින් 02ක් ඇතුළත්.
මෙම සංචාරකයින් කණ්ඩායම ඊයේ (30) පස්වරුව වන විට හෙලිකොප්ටර් මගින් කොළඹ වරාය නගරය (Port City Colombo) වෙත ආරක්ෂිතව රැගෙනවිත් තිබෙනවා.






