By unusuma.lk on [last-modified] (LK time)
ශ්‍රී ලංකාව මුහුනදී තිබෙන ආපදාවෙන් විනාශයට පත් ජනතාවගේ ජීවිත යථා තත්ත්වයට පත් කිරීම සඳහා රුපියල් බිලියන 72. 5ක පරිපූරක ඇස්තමේන්තුවක් අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙන බව වාර්තා වෙයි.
පාර්ලිමේන්තුවේ රාජ්‍ය මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දීමක් කරමින් පැවසූවේ ඒ සඳහා කාරක සභාව විසින් අනුමැතිය ලබාදුන් බවයි.






