නීති විරෝධි මූල්‍ය ආයතන ඇතුළු මුදල් වංචා සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි 1000 කට අධික සංඛ්‍යාවක් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව පොලිස් නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය සඳහන් කරයි.
පිරමිඩ වංචා ක්‍රමවලින් මුදල් වංචා කිරීම, නීති විරෝධි ණය ව්‍යාපෘති මෙන්ම පුද්ගලයින් රවටා මුදල් චංචා කිරීම සම්බන්ධයෙන් වන පැමිණිලි ද විමර්ශනය කරන පැමිණිලි අතර වන බව පොලීසිය සඳහන් කරයි.
මීට අමතරව මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ වලට සම්බන්ධ පුද්ගලයින් 40 දෙනෙකුගේ දේපළ සම්බන්ධයෙන්ද විමර්ශන මේ වනවිට ක්‍රියාත්මක බවත් එම දේපළ ඉදිරියේදී තහනම් කිරීමට අවශ්‍ය පියවර ගන්නා බවද පොලීසිය සඳහන් කරයි.

