ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (05) කොළඹ NCC ක්‍රීඩාංගණයේදී 2026 අයි.සී.සී. පිරිමි T-20 ලෝක කුසලාන තරගාවලියට එක්වන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් හමුව තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සිය පුහුණු සැසිය නිම කිරීමෙන් අනතුරුව ජනාධිපතිවරයා එහි පැමිණි අතර, තරගාවලියට පෙර ක්‍රීඩකයින්ගේ ආත්ම විශ්වාසය ඉහළ නැංවීම සහ දිරිමත් කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.
පසුගිය කාලය පුරා ශ්‍රී ලංකා කණ්ඩායම ලැබූ අඛණ්ඩ පරාජයන් සහ ඒ හමුවේ ප්‍රේක්ෂකයන්ගෙන් එල්ල වූ දැඩි විවේචන හමුවේ මෙවර T-20 ලෝක කුසලානයට ක්‍රීඩකයින් මුහුණදෙන පසුබිමක, ක්‍රීඩකයින් පුද්ගලිකව හමුවී ඔවුන්ට අවශ්‍ය සහයෝගය සහ දිරිගැන්වීම ලබා දීමට ජනපතිවරයා කටයුතු කර තිබේ.
මෙවර ලෝක කුසලාන තරගාවලිය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව සත්කාරකත්වයෙන් පැවැත්වෙන අතර, ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන පළමු තරගය එළඹෙන පෙබරවාරි 08 වනදා පැවැත්වීමට නියමිතයි.

