තැපැල් ගාස්තු ඉහළට.!

තැපැල් ගාස්තු ඉහළ දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

ඒ අනුව අවම තැපැල් ගාස්තුව 70ක් දක්වා ඉහළ දැමීමට තැපැල් දෙපාර්තමේන්තුව පියවර ගෙන ඇත.

මෙම නව මිල ගණන් හෙට (09) දිනයේ සිට ක්‍රියාත්මක බවද තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව රුපියල් 50ක් වූ අවම මුද්දර ගාස්තුව, රුපියල් 70ක් දක්වා ඉහළ යන බව, තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සාමාන්‍ය, ව්‍යාපාරික ලිපි සේවාවේ මූලික බර, ග්‍රෑම් 20 සිට ග්‍රෑම් 30 දක්වා සංශෝධනය කර ඇත.

ප්‍රචාරණ පත්‍රිකා බෙදා හැරීමේ ගාස්තුව, බෙදීම් කලාපය තුළ හා පරිබාහිර බෙදීම් කලාපය ලෙස කොටස් කර ඇතැයි තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අනුව පත්‍රිකාවක හෝ පත්‍රිකා කට්ටලයක උපරිම බර, ග්‍රෑම් 100 සිට ග්‍රෑම් 120 දක්වා ඉහළ නංවා ඇත.

One thought on “තැපැල් ගාස්තු ඉහළට.!

  • සත්‍ය -

    මොන මොඩයද ඔය තැපෑල භාවිතා කරන්නෙ ස්පීඩ් මේල් එකක් හරියට ලැබෙන දිනය කියාගන්න බැරි තැපැල් හලක් දියතලාවෙ තියෙන්නෙ ප්‍රයිවට් කුරියර් සර්විස් ශ්‍රිලංකා තැපැල් සේවයට වඩා කාර්යක්ෂමයි භාවිත් කරන්න

Leave a Reply

Your email address will not be published. Required fields are marked *