පෙබරවාරියේ සංචාරක පැමිණීම වාර්තා අලුත් කරයි.!

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරි පවසයන්නේ පෙබරවාරි මාසය තුළ දී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 279,328ක් බවයි.

එය පසුගිය වසරේ පෙබරවාරි මාසයේදී පැමිණි සංඛ්‍යාවට සාපේක්ෂව 16.2%ක වැඩිවීමකි.

ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කරන ලද නවතම දත්තවලට අනුව, පෙබරවාරි මාසයේදී ඉන්දියාවෙන් සංචාරකයින් 47,679ක් පැමිණ ඇති අතර එය 17%කි. 

තවද, එක්සත් රාජධානියෙන් 30,788, රුසියාවෙන් 23,099ක්, ජර්මන් 22,566ක්, චීනයෙන් 20,180ක් සහ ප්‍රංශ ජාතිකයින් 17,174ක් ද පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවට පැමිණ ඇත.

ඒ අනුව, 2026 වසරේ ජනවාරි 01 වනදා සිට පෙබරවාරි 28 දක්වා සංචාරක පැමිණීම් සංඛ්‍යාව 556,655කි.

ඒ අතරින් සංචාරකයින් 99,740ක් ඉන්දියාවෙන්, 50,233ක් රුසියාවෙන් සහ 60,328ක් එක්සත් රාජධානියෙන් පැමිණි බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය සඳහන් කළේය.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest