ඉරාන යුද්ධයේ ඇත්ත හෙළිකරමින් අමෙරිකාවේ ප්‍රධානියා ඉල්ලා අස්වෙයි

අමෙරිකා එක්සත් ජනපද ජාතික ත්‍රස්ත මර්දන මධ්‍යස්ථානයේ ප්‍රධානී ජෝ කෙන්ට් සිය ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරානයේ යුද්ධය හේතුවෙන් ට්‍රම්ප් පරිපාලනයෙන් ඉල්ලා අස්වූ පළමු ජ්‍යෙෂ්ඨ නිලධාරියා වන අතර ඔහු විශේෂ ප්‍රකාශයක් කරමින් ඉල්ලා අස්විය.

ඉරානයෙන් එක්සත් ජනපදයට තර්ජනයක් නොතිබූ තත්වයකදී එය නොතකා ට්‍රම්ප් ජනාධිපතිවරයා ඊශ්‍රායලයේ පීඩනය යටතේ ඉරානයට එරෙහිව යුද්ධය දියත් කළ බව ඔහු සඳහන් කරයි.

එක්සත් ජනපද ජාතික ත්‍රස්ත මර්දන මධ්‍යස්ථානයේ ප්‍රධානී ජෝ කෙන්ට් සඳහන් කළේ,

“ඉරානයට එරෙහිව සිදුවෙමින් පවතින යුද්ධයට මට යහපත් හෘද සාක්ෂියක් ඇතුව සහාය දිය නොහැක. ඉරානය අපේ ජාතියට කිසිදු තර්ජනයක් එල්ල නොකළ අතර අපි මෙම යුද්ධය ආරම්භ කළේ ඊශ්‍රායලයේ සහ එහි බලගතු ඇමරිකානු කණ්ඩායමක පීඩනය නිසා බව පැහැදිලියි.”

“මැදපෙරදිග යුද්ධය යනු අමෙරිකානු අපේ දේශප්‍රේමීන්ගේ වටිනා ජීවිත කොල්ලකන සහ අපගේ ජාතියේ ධනය හා සමෘද්ධිය ක්ෂය කරන උගුලක්. ට්‍රම්ප් පරිපාලනයේ මුල් අවධියේදී, ඉහළ පෙළේ ඊශ්‍රායල නිලධාරීන් සහ ඇමරිකානු මාධ්‍යවල බලගතු සාමාජිකයින් යුද්ධය පිළිබඳව මතයන් පතුරුවා ඉරානය සමඟ යුද්ධයක් දිරිගැන්වීම සඳහා යුද්ධයට පක්ෂ හැඟීම් වැපිරූවා. ඒ සඳහා වැරදි තොරතුරු ව්‍යාපාරයක් දියත් කළා.”

‘ඉරානය එක්සත් ජනපදයට ආසන්න තර්ජනයක් එල්ල කරන බව විශ්වාස කිරීමට අපව පෙළඹ වුවා. ඔවුන් පැවසුවේ, ඔබ දැන් ඉරානයට පහර දුන්නොත්, ඉක්මන් ජයග්‍රහණයකට පැහැදිලි මාවතක් තිබෙනවා, කියයි. මෙය බොරුවක්. අපගේ ජාතියට අපගේ හොඳම පිරිමින් සහ ගැහැනුන් දහස් ගණනකගේ ජීවිත අහිමි කළ විනාශකාරී ඉරාන යුද්ධයට අපව ඇද ගැනීමට ඊශ්‍රායල ජාතිකයන් භාවිතා කළ උපක්‍රමයම එයයි. අපට නැවතත් මෙම වැරැද්ද කළ නොහැක.”

0 Comments
Most Voted
Newest Oldest
Inline Feedbacks
View all comments