ඉරාන හමුදාව විසින් බිම හෙළු අමෙරිකානු ප්‍රහාරක ජෙට් යානයේ සිටි ගුවන් නියමුවා අල්ලා ගැනීමට සහයෝගය ලබාදෙන පුද්ගලයින්ට ඉරාන රජය ත්‍යාගයක් ලබා දෙන බවට දැනුම්දීමක් කර ඇත.
ගුවන් නියමුවා අල්ලා ගැනීමට උදව් කරන ඕනෑම පුරවැසියෙකුට අමෙරිකානු ඩොලර් 66,000ක ත්‍යාගයක් ලබාදෙන බව ටෙහෙරාන් රජය ඉරාන වැසියන්ට පොරොන්දුවක් ලබාදී ඇත.
මේ අතර ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය විසින් අතුරුදහන් වූ අමෙරිකානු නියමුවා සෙවීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇත.

