බොරතෙල් බැරලයක මිල යළිත් වරක් ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඉරානයේ වරායන් අවහිර කිරීමට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අණ කිරීමත් සමඟ මෙම මිල වැඩිවීම සිදුව ඇති බව සඳහන් වේ.
ඒ අනුව, බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල 7%ක ප්‍රතිශතයකින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල ඩොලර් 102කි.
ඩබ්ලිව්.ටී.අයි. වර්ගයේ බොරතෙල් බැරලයක මිල 8%කින් ඉහළ ගොස් ඇති අතර එහි නව මිල ඩොලර් 104.50කි.

