අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් අති උතුම් ලියෝ පාප්වහන්සේව දැඩි ලෙස විවේචනයට ලක් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ලියෝ පාප්වහන්සේ යුද්ධය සම්බන්ධයෙන් සිදුකර ඇති ප්‍රකාශයකට විරෝධය පළ කරමින් අමෙරිකානු ජනාධිපතිවරයා පාප්වහන්සේ වෙත මෙම විවේචනය සිදුකර ඇත.
පාප්වහන්සේ අපරාධ වලට කැමති අයෙකු බවත් තමන් පාප් වහන්සේගේ රසිකයෙකු නොවන බවත් ඔහු ලිබරල් මිනිසෙකු බවත් අමෙරිකානු ජනාධිපතිවරයා සඳහන් කර ඇත.
න්‍යෂ්ටික අවි හදන එක නිවැරදි කියන එක මෙන්ම නගරවල අපරාධ සිදුවන එක ගණන් නොගත යුතු බව කියන පාප්වහන්සේ කෙනෙකුට තමන් අකමැති බවද අමෙරිකානු ජනාධිපතිවරයා චෝදනා කර ඇත.
පාප්වහන්සේට අමෙරිකානු ජනාධිපතිවරයා සිය සමාජ මාධ්‍ය ගිණුමක් වන Truth Social ගිණුමේ ඡායාරූපයක් පළ කර ඇති අතර එය මේ වනවිට ලොව පුරා බොහෝ පිරිසකගේ දැඩි අවධානයට මෙන්ම විවේචනයට ලක්ව ඇත.
අදාළ පින්තූරය මගින් තමන් ජේසුස් වහන්සේ බවට අර්ථගන්වා ඇති අතර තමන් ලෝක සාමය මෙන්ම මිනිසුන්ට පිහිටවන සැබෑ ජේසුස් වහන්සේ කෙනෙකු බවද අමෙරිකානු ජනාධිපතිවරයා එමගින් නිරූපනය කර ඇත.

