ලෙබනනය සහ ඊශ්‍රායලය තානාපතිවරුන් අතර වොෂින්ටනයේ පැවැත්වෙන හමුවට අමෙරිකානු රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ සහභාගී වන බව එරට රාජ්‍ය දෙපාර්තමේන්තුව තහවුරු කර ඇත.
ඊශ්‍රායලයේ යෙචියෙල් ලෙයිටර් සහ ලෙබනනයේ නාඩා හමාඩේ මොවාඩ් මෙලෙස රූබියෝ සමඟ සාකච්ඡා සඳහා එක්වීමට නියමිත අතර එරට වේලාවෙන් පෙරවරු 11:30ට ආරම්භ වීමට නියමිතය.
මෙම සාකච්ඡාවල විශේෂ අරමුණ වන්නේ දකුණු ලෙබනනයේ ගැටුම අවසන් කිරීම වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ලෙබනනයේ සිවිල් වැසියන් විශාල ප්‍රමාණයක් අවතැන් වී ඇති අතර පුද්ගලයන් 2,000කට වැඩි පිරිසක් මියගොස් 6,500කට වැඩි පිරිසක් තුවාල ලබා ඇත.

