Advertisements

අනුර ප්‍රියදර්ශනට අධිකරණයෙන් දුන් නියෝගය

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් ලක්ෂ 61කට අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා ලැබ සිටින හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු විත්තිකරුවන් හත්දෙනෙකුට එරෙහි නඩුව කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග ඉදිරියේ අද (13) කැඳවනු ලැබූවේය.

විත්තිකාර හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා සහ ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් පිරිස අධිකරණය හමුවේ පෙනී සිටියේය.

රුපියල් ලක්ෂ 61කට අධික මුදලක් සාවද්‍ය ලෙස පරිහරණය කළ බවට චෝදනා ලැබ සිටින අනුර ප්‍රියදර්ශන යාපා ඇතුළු විත්තිකරුවන් හත්දෙනෙකුට එරෙහි නඩුව වැඩිදුර විභාගය සඳහා ලබන ජූනි මස (19) වනදා කැඳවීමට කොළඹ මහාධිකරණය අද (13) නියෝග කළේය.

පසුගිය 2014 වසරේ දෙසැම්බර් මස (26) වනදා සහ 2015 ජනවාරි මස (26) වනදා අතර කාලසීමාව තුළ ගංවතුර ආධාර සපයන බව පවසමින් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට අයත් රුපියල් 6,146,110ක මුදලක් අනීතික ලෙස වැය කරමින් මූල්‍ය වංචාවක් සිදුකර ඇති බවට නීතිපතිවරයා විසින් අධිචෝදනා ගොනුකර ඇත.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest