අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කිරීමට පරිපාලන අභියාචනා විනිශ්චයාධිකාරය ජාතික පොලිස් කොමිෂන් සභාව වෙත අද (13) නියෝග කර ඇත.
2026 වසරේ අගෝස්තු මස (25) දින සිට බලපැවැත්වෙන පරිදි මෙම උසස්වීම් ලබාදී ඇති අතර වැඩ තහනමට ලක් වූ දින සිට මේ දක්වා ඔහුට අහිමි වූ සියලුම හිඟ වැටුප් සහ දීමනා ගෙවීමටද තීන්දුව ලබාදී ඇත.
ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ කීර්තිමත් නිළධාරියෙකු ලෙස සැළකෙන ශානි අබේසේකර මෙරට මෑත ඉතිහාසයේ සිදුවූ සංකීර්ණ අපරාධ පරීක්ෂණ රැසක් මෙහෙය වූ දක්ෂ නිළධාරියෙකි.
