චීන ජනාධිපති ෂී ජින්පින් සහ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර ද්විපාර්ශ්වික සාකච්ඡා චීනයේ ‘ග්‍රේට් හෝල් ඔෆ් ද පීපල්’ (Great Hall of the People) මන්දිරයේදී ආරම්භ වී ඇත.
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මේ වනවිට ප්‍රධාන සම්මන්ත්‍රණ ශාලාවේ අසුන්ගෙන සිටින බව වාර්තා වන අතර ඔහු සමඟ අමෙරිකානු රජයේ ප්‍රබල නිලධාරීන් පිරිසක් එක්ව සිටියි.
මෙම ද්විපාර්ශ්වික සාකච්ඡා සඳහා මාර්කෝ රූබියෝ – රාජ්‍ය ලේකම් (Secretary of State), පීට් හෙග්සෙත් – ආරක්ෂක ලේකම් (Defense Secretary), ජේමියසන් ග්‍රීර් – අමෙරිකානු වෙළඳ නියෝජිත (US Trade Representative), ස්කොට් බෙසන්ට් – මහා භාණ්ඩාගාර ලේකම් (Secretary of Treasury) එක්ව සිටියි.
