පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වන තැපැල් පහසුකම්වලට අදාළ නව මුද්දර දෙකක් නිකුත් කර ඇත.
මේ අනුව රුපියල් 20 සහ රුපියල් 70 යන වටිනාකම්වලින් යුත් නව මුද්දර ද්විත්වයක් නිකුත් කළ බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුවේ මුද්දර කාර්යාංශය විසින් මෙම මුද්දරය නිකුත් කිරීම සිදුකර ඇත.
