මැදපෙරදිග යුද ගැටුම් හමුවේ තාර ආනයනය ගැන තීරණයක්

මේ දිනවල මැදපෙරදිග පවතින යුදමය තත්ත්වය හේතුවෙන් මෙරට මාර්ග සංවර්ධනයට අවශ්‍ය තාර හිඟය මගහරවා ගැනීම සඳහා විකල්ප රටවල්  5කින් තාර ආනයනය ආරම්භ කර ඇතැයි, මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි.

මීට පෙර ඉරානයේ නිශ්පාදිත උසස් තත්ත්වයේ තාර වැඩි වශයෙන් ආනයනය කළ බවත් යුද ගැටුම් සහ හෝමුස් අවහිරය හමුවේ පසුගිය මාර්තු මාසයේ සිට මෙරටට තාර ආනයනය කිරීම ඇනහිටි බව, එහි අධ්‍යක්ෂ ජනරාල් එන්. ඒ හෙට්ටිආරච්චි සඳහන් කරයි.

මෙරට මාර්ග නඩත්තු සහ සංවර්ධන කටයුතු වෙනුවෙන් මසකට අවම වශයෙන් තාර මෙට්‍රික් ටොන් 20,000ක් පමණ අවශ්‍ය බවද අධ්‍යක්ෂ ජනරාල් එන්. ඒ හෙට්ටිආරච්චි සඳහන් කරයි.

මේ වනවිට විකල්ප මාර්ග ඔස්සේ කසක්ස්තානය, බහරේනය, චීනය, ඉන්දියාව, මැලේසියාව සහ තායිලන්තය යන රටවලින් සුළු වශයෙන් තාර ආනයනය ආරම්භ කර ඇති බවද අධ්‍යක්ෂ ජනරාල් එන්. ඒ හෙට්ටිආරච්චි සඳහන් කරයි.

අමෙරිකානු සම්බාධක වලට හසුවීමේ බිය සහ යුදමය තත්ත්වයන් හමුවේ ප්‍රහාරයන්ට ලක්වීමේ අවදානම හේතුවෙන්, තාර මෙරටට ගෙන්වා ගැනීමේදී නැව් සමාගම් බොහෝමයක් ප්‍රවාහනය කිරීම ප්‍රතික්ෂේප කර ඇත.

0 Comments
Most Voted
Newest Oldest