Advertisements

බැසිල්ගේ කියන මල්වානේ නිවස අන්තරේ වටලයි

මල්වානේ පිහිටි ඉඩම සහ නිවස ඇතුලු දේපොළ විශ්වවිද්‍යාල ඇතුළු පොදුජනතා පරිහරණය සඳහා පවරන ලෙස ඉල්ලා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය අද (14) විරෝධතා ක්‍රියාමාර්ගයක නිරත විය.

ආණ්ඩුව බලයට පැමිණීමේදී ‘ජනතාවගෙන් සොරකම් කළ දේපොළ ජනතාවට යළි පවරන බවට වූ පොරොන්දුව’ මතක් කරමින් ඔවුන් මෙම විරෝධතා ක්‍රියාමාර්ගයේ නිරතව ඇත.

අදාළ දේපොළ ඉඩකඩ සීමිත විශ්වවිද්‍යාල සඳහා සහ පොදුජන පරිහරණය සඳහා පවරන ලෙස එහිදී ඔවුන් ඉල්ලා සිටියි.

අක්කර 15ක පමණ භූමි ප්‍රදේශයක මෙම නිවස ඉදිකර ඇති අතර ඊට හිමිකරුවෙකු නොමැති වීම හේතුවෙන් අධිකරණ අමාත්‍යාංශය යටතට පවරාගෙන තිබුණි.

Advertisements
Advertisements
8 Comments
Most Voted
Newest Oldest