මේ දිනවල පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පාසල් කිහිපයකට හෙට (15) දින විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර ඇත.
ඒ අනුව හැටන් අධ්‍යාපන කලාපයේ සියලුම පාසල් හෙට නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කරන ලෙස එම කලාපයේ සියලුම විදුහල්පතිවරුන් වෙත දැනුම්දී ඇත.
මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරියගේ උපදෙස් පරිදි, හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය මෙම තීරණය ගෙන ඇත.
මේ අතර අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් හෙට (15) දින පුත්තලම කලාපයේ පාසල් කිහිපයකට නිවාඩු ලබාදී ඇති බව වාර්තා වේ.
