Advertisements

ආපදා මරණ ගණන ඉහළ⁣ට

දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති ආපදා තත්ත්වය හේතුවෙන් මරණ 2ක් වාර්තා වී ඇති බව ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය අද (15) පෙරවරු 6.00ට නිකුත් කළ නිවේදනයට අනුව එම මරණ මඩකලපුව සහ යාපනය දිස්ත්‍රික්කවලින් වාර්තා වී ඇත.

අයහපත් කාලගුණික තත්ත්වයන් හේතුවෙන් දිස්ත්‍රික්ක 8ක ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 35ක ජනතාව මේ වනවිට පීඩාවට පත්ව සිටින බවද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

පවුල් 1,113කට අයත් පුද්ගලයින් 3,475 දෙනෙකු මේ වනවිට බලපෑමට ලක්ව ඇති බවත් ඉන් පුද්ගලයින් 104 දෙනෙකු මේ වනවිට සුරක්ෂිත මධ්‍යස්ථාන දෙකක රඳවා සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest