ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල ගණන් නැවතත් ඉහළ ගොස් ඇත.
WTI බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 102.60ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය 1.41%ක වැඩිවීමක් ලෙස සටහන් වී ඇත.
බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 107.00ක් දක්වා ඉහළ ගොස් ඇති අතර එය 1.21%ක වර්ධනයක් ලෙස සටහන් වී ඇත.
තවද මර්බන් බොරතෙල් බැරලයක මිල ඩොලර් 104.70ක් දක්වා ඉහළ ගොස් ඇත.
