විදුලි බල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරිමේ ක්‍රියාවලියත් සමග ස්වේච්ඡාවෙන් ඉවත් වූ සේවකයින් සඳහා වන්දි ලබාදීම අද (15) දින ආරම්භ කර ඇත.
ඒ සඳහා රුපියල් බිලියන 8.9ක් වෙන් කර ඇති බවත් මණ්ඩලයේ සේවකයින් 1600කට ආසන්න පිරිසකට අද එම වන්දි මුදල් ලැබෙනු ඇති බව බලශක්ති අමාත්‍යංශය සඳහන් කරයි.
