හිටපු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කරමින් කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන ඊයේ (15) දින වරෙන්තු නිකුත් කර ඇත.
ඇප මත සිටියදී නඩු විභාගයක් සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තු නිකුත් කර ඇත.
2022 වසරේදී ජනාධිපති මන්දිරයේ ගේට්ටුව අසල උද්ඝෝෂණයේ නිරත විම සම්බන්ධව හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු 12 දෙනෙකුට එරෙහි පැමිණිල්ලක් කැඳවූ අවස්ථාවේදී මෙම වරෙන්තු නිකුත් කර ඇත.
