ශ්‍රී ලංකාවට ඊසාන දෙසින් පිහිටා ඇති අඩු පීඩන කලාපය තවදුරටත් පවතින බැවින් තද වැසි සහ සුළං තත්ත්වය ඉදිරි දින කිහිපය තුළත් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම පද්ධතියේ බලපෑමෙන් බස්නාහිර සහ සබරගමුව ඇතුළු පළාත් කිහිපයක ඇතැම් ස්ථාන වලට මිලිමීටර් 100ක පමණ තද වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මෙම පද්ධතියේ බලපෑමෙන් දිවයින වටා වන ගැඹුරු සහ නොගැඹුරු ප්‍රදේශවලත් බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශවලත් තද සුළං ඇතිවිය හැකි අතර මුහුදු ප්‍රදේශ රළුවීමේ හැකියාවක් පවතින බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
