Advertisements

පොලිස් නිලධාරීන් රැසකට උසස්වීම්

පොලිස් නිලධාරීන්ට වසර පහකට අධික කාලයක් පුරාවට ලබා නොදුන් උසස්වීම ඉතා කඩිනමින් ලබාදෙමින් සිටින බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

පොලිසිය තුළ පවතින මානව සම්පත් හිඟයට විසඳුමක් ‌ලෙස 10,000ක නිලධාරීන් පිරිසක් බඳවා ගැනීමේ කටයුතු මේ වනවිට ක්‍රියාත්මකව ඇති බවද අමාත්‍ය ආනන්ද විජේපාල සඳහන් කරයි.

පුත්තලම දිස්ත්‍රික්කයේ පොලිස් නිලධාරීන් මුහුණ දෙන ගැටලු සහ ප්‍රදේශයේ ආරක්ෂක තත්ත්වය පිළිබඳ සොයා බැලීමේ විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.

Advertisements
0 Comments
Most Voted
Newest Oldest