Advertisements

ගායන ශිල්පී චාමර රණවක අත්අඩංගුවට

ගායන ශිල්පී චාමර රණවක පානදුර උතුර පොලිසිය මඟින් අත්අඩංගුව ගෙන පානදුර මහේස්ත්‍රාත් අධිකරණයට අද (18) ඉදිරිපත් කර ඇත.

අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගායන ශිල්පී චාමර රණවකට රුපියල් 20,000ක දඩ මුදලක් පැනවීමට අධිකරණය විසින් නියෝග කර ඇත.

තවත් පුද්ගලයින් දෙදෙනෙකු සමඟ ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව යතුරු පැදියක් ධාවනය කිරීමේ චෝදනාවකට අදාළව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.

Advertisements
Advertisements
1 Comment
Most Voted
Newest Oldest