හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ පාලන සමයේ ආනයනික සීනි සඳහා පැනවා තිබූ බදු අඩු කිරීමේදී රජයට සිදුවූ රුපියල් කෝටි 1,590ක් පාඩුව අයකර ගැනීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම අද (18) දින කැඳවනු ලැබීය.
ඒ අනුව මෙම පෙත්සම ශිරාන් ගුණරත්න සහ සම්පත් අබේකෝන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරු මඩුල්ල ඉදිරියේ අද දින කැඳවනු ලැබීය.
අනතුරුව එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල මෙම පෙත්සම සලකා බැලීම සඳහා ජූනි මස (27) වනදා කැඳවන ලෙස නියම කළේය.
