අද (18) දින රණවිරු සැමරුම් පෙරහුරුව පැවති කටයුතු වලට බාධා කළැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ඇතුළු කණ්ඩායමට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට නියමිත බව පොලීසිය සඳහන් කරයි.
හෙට (19) දිනට යෙදී ඇති ජාතික රණවිරු සැමරුම් දිනය වෙනුවෙන් සැමරුම් උත්සවය ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු ක්‍රිඩාංගනයේ රණවිරු ස්මාරකය අභියසදී පැවැත්වීමට සැලසුම් කර ඇත.
මෙම පෙරහුරුව සහ හෙට දින පැවැත්වෙන ප්‍රධාන උත්සවයේ අනෙකුත් සංවිධාන කටයුතු පැවැත්වෙමින් තිබෙන විටදී විමල් වීරවංශ ඇතුළු 35 දෙනෙකුගෙන් පමණ සමන්විත කණ්ඩායමක් එම කටයුතු වලට හා නිලධාරින්ගේ රාජකාරියට බාධා වන අයුරින් අනවසරයෙන් රණවිරු ස්මාරක භූමිය වෙත ඇතුළුවීමට උත්සාහ දරා ඇත.
