හෙට (19) දිනට යෙදෙන 17 වන ජාතික රණවිරු සැමරුම් දිනය නිමිති කර ගනිමින් ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන් 5,289කට ඔවුන්ගේ ඊළග නිලයට නිල උසස් වීම් පිරිනමා ඇත.
හමුදාපතිවරුන්ගේ නිර්දේශ සහ ත්‍රිවිධ හමුදාවේ ස්ථාපිත පරිපාලන ක්‍රියාපටිපාටීන්ට අනුකූලව මෙම උසස් කිරීම් සිදුකර ඇත.
මව්ව්බිම තුළ සාමකාමී යුගයක් උදාකරලීම උදෙසා ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ඉටුකල අමිල සේවය අගය කිරීම වෙනුවෙන් සෑම වසරකම මැයි (19) වන දින මෙසේ ජාතික රණවිරු සැමරුම් දිනය සමරනු ලබයි.

