අද (19) බත්තරමුල්ලේදී පැවැත්වෙන රණවිරු සැමරුම සඳහා දේශපාලන අධිකාරියේ කිසිවෙකුට ආරාධනා නොකළ බව අමාත්‍ය විජිත හේරත් සඳහන් කරයි.
මේ සඳහා ජනාධිපතිවරයා සහ ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර අමාත්‍ය මෙන්ම මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍යවරයා පමණක් සහභාගී වන බවද අමාත්‍ය විජිත හේරත් සඳහන් කරයි.
අද (19) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවට එක්වෙමින් අමාත්‍යවරයා සඳහන් කළේ,
“මේ සඳහා ආරාධනා කරලා තියෙන්නේ ජනාධිපතිතුමා, ආරක්ෂක අමාත්‍ය අරුණ ජයසේකර මහතා, ඒ වගේම මහජන ආරක්ෂක අමාත්‍යතුමා වෙනුවට නියෝජ්‍ය අමාත්‍යතුමා. ඒ අය තමයි අමාත්‍යවරුන් විදිහට සහ ජනාධිපතිතුමා විදිහට මැදිහත් වෙන්නේ. අනිත් අය ත්‍රිවිධ හමුදාව සහ පොලීසියේ අය ඊට අමතරව වෙනත් දේශපාලන අධිකාරියේ අයට ආරාධනා කරලා නෑ”
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ආරාධන කර ඇත්ද යන්න මාධ්‍යවේදියෙකු යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කරයි.
