Advertisements

මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අද පාර්ලිමේන්තුවට

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධව නිර්දේශ ඉදිරිපත් කිරීමට මැතිවරණ කොමිෂන් සභාවේ සාමාජිකයින් අද (21) පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට කැඳවා ඇත.

ඒ අනුව අද (21) උදෑසන එම කාරක සභාව හමුවේ පෙනී සිටීමට නියමිත බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

පළාත් සභා ඡන්ද විමසීම කුමන මැතිවරණ ක්‍රමය යටතේ පැවැත්විය යුතු ද යන්න සොයා බලා වාර්තා කිරීමටත්, ඒ පිළිබඳව සිය යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමටත් මෙම විශේෂ කාරක සභාව පත්කර තිබුණි.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest