Advertisements

වෙසක් උත්සවය වෙනුවෙන් ඉන්ධන සහ විදුලිය භාවිතය ගැන තීරණයක්

බුද්ධ රශ්මි වෙසක් කලාපය පිළිබඳව අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ලේකම් ප්‍රදීප් සපුතන්ත්‍රීගේ ප්‍රධානත්වයෙන් පැවති අවසන් සාකච්ඡාවේදී වෙසක් කලාපය පැවැත්වෙන කාලය තුළ බලශක්ති භාවිතය පිළිබඳ අවධානය යොමුව ඇත.

පවතින අර්බුදය හේතුවෙන් පෙර වසර වලට සාපේක්ෂව ඉන්ධන සහ විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කිරීමට මෙවර තීරණය කර ඇත.

ඒ අනුව ඉන්ධන හා විදුලිය භාවිතා කිරීම සඳහා රජය මඟින් පනවා තිබූ රෙගුලාසි වෙසක් උත්සවය වෙනුවෙන් ලිහිල් කිරීම පිළිබඳව දැනුවත් කළ අතර වෙසක් කලාපයේ කටයුතු සාර්ථකව සංවිධානය කිරීම සහ සම්බන්ධීකරණය කිරීම උදෙසා පත්කළ කමිටුවල නිලධාරීන්ගේ තොරතුරු ලබා ගැනීම ද සිදුකර තිබුණි.

අවම ඉන්ධන හා විදුලි පිරිවැයක් සහිතව ප්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් ආමිස පූජාවෙන් සැදැහැවතුන්ගේ සිත්පහන් කරවන පරිදි වෙසක් අසිරියෙන් අලංකාර කිරීමට බුද්ධ රෂ්මි වෙසක් කලාපය තුළ කටයුතු කර තිබෙන බවත් මෙවර වෙසක් කලාපය රාත්‍රී 7.00 සිට මධ්‍යම රාත්‍රී 12.30 දක්වා පැවැත්වීමට කටයුතු කරන බව කොළඹ ගංගාරාම විහාරාධිපති ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ පවසයි.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest