ගාලුමුවදොර පිටියේදී අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියට අදාළව හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු 37දෙනකුට එරෙහිව පවරා ඇති නඩුව නීතිපති උපදෙස් සඳහා ලබන නොවැම්බර් (04) යළි කැඳවන ලෙස කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන (20) නියෝග කළේය.
මේ නඩුව කැඳවූ අවස්ථාවේදී තුවාලකරුවන්ට අදාළ වෛද්‍ය වාර්තා 39ක් ලැබී ඇති බවත් තවත් වෛද්‍ය වාර්තා තුනක් ලැබීමට නියමිත බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දන්වා සිටියේය.
තුවාලකරුවන්ට අදාළ වෛද්‍ය වාර්තා අධිකරණයට ගොනු කරන ලෙස දන්වා ඇතැයි කියා සිටි පොලීසිය මේ සිද්ධියට අදාළව තුවාලකරුවන් 56 දෙනකුට අධිකරණ වෛද්‍ය පෝරම පුරවා ඇතැයිද සඳහන් කරයි.
තුවාලකරුවන්ට අදාළ සියලු වෛද්‍ය වාර්තා ලද පසු නීතිපතිවරයාට යොමු කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් නඩුව කැඳවූ අවස්ථාවේදී 37 වන සැකකරු හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක ඇතුළු සැකකරුවන් 35 දෙනෙක් අධිකරණය හමුවේ පෙනී සිටියේය.
