ඉරානය තවදුරටත් සාම ගිවිසුමකට එකඟ නොවන්නේ නම් ඉරානයට එරෙහිව යළිත් දැඩි ප්රහාර මාලාවක් දියත් කිරීමට සූදානම් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සඳහන් කරයි.
එහෙත්, රාජ්ය තාන්ත්රික මට්ටමින් නිවැරදි පිළිතුරක් ලබා ගැනීම සඳහා තවත් දින කිහිපයක් බලා සිටීමට වොෂින්ටනයට හැකියාව ඇති බවද ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සඳහන් කරයි.
වත්මන් තත්ත්වය ඉතා සංවේදී සීමාවක පවතින බවත් ඕනෑම මොහොතක තත්ත්වය දරුණු අතට හැරිය හැකි බවද ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් සඳහන් කරයි.
“අපිට නිවැරදි පිළිතුරක් ලැබුණේ නැත්නම්, සියල්ල ඉතා වේගයෙන් වෙනස් වේවි. අපි හැමෝම ප්රහාර සඳහා සූදානමින් ඉන්නේ.”
