එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර සිදු කරන නිල සංචාරය අතරතුර (20) දින අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, එක්සත් රාජධානියේ විදේශ ලේකම් ඉවෙට් කූපර් (Yvette Cooper) හමුවිය.
එහිදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය, එක්සත් රාජධානියේ විදේශ ලේකම් ඉවෙට් කූපර් (Yvette Cooper) සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවක නිරත විය.
ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධනය සහ ප්‍රතිපත්තිමය ප්‍රමුඛතා, මානව හිමිකම් සහ සංහිඳියාව ප්‍රවර්ධනය කිරීම සඳහා රජය දක්වන උනන්දුව මෙන්ම ශ්‍රී ලංකාවේ සාධනීය ආර්ථික ගමන් මඟ පිළිබඳ, ද්විපාර්ශ්වික වෙළඳ සහ අපනයන සහයෝගීතාව, දිට්වා සුළි කුණාටුවෙන් පසු නැවත ගොඩනැඟීමේ සහ ප්‍රතිසාධන කටයුතු මෙන්ම වත්මන් ගෝලීය භූ දේශපාලනික වර්ධනයන්, බලශක්ති ආරක්ෂාව, කලාපීය සම්බන්ධතාවය සහ දෙරටේ ව්‍යුහගත අධ්‍යයන සංචලතා රාමු (academic mobility frameworks) ශක්තිමත් කිරීමේ වැදගත්කම යන කරුණු පිළිබඳව මෙම සාකච්ඡාවේදී අවධානය යොමුකර ඇත.
