Advertisements

ශ්‍රී ලංකාවට⁣ පැමිණෙන මාලදිවයින් ජාතිකයින්ට ‘ETA’ අනිවාර්යයි

ශ්‍රී ලංකාවට පැමිණෙන සියලුම මාලදිවයින් ජාතිකයින්ට එළැඹෙන මැයි (25) වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි නව වීසා බලපත්‍ර රෙගුලාසියක් හඳුන්වා දී ඇත.

ඒ අනුව මාලදිවයින් වැසියන් ශ්‍රී ලංකාව බලා පැමිණීමට පෙර ‘eta.gov.lk’යන වෙබ් අඩවිය හරහා විද්‍යුත් සංචාරක අවසර පත්‍රයක් (ETA) ලබා ගැනීම අනිවාර්ය වේ.

මෙම පද්ධතිය හරහා ලියාපදිංචි වන මාලදිවයින් ජාතිකයින්ට දින 90ක සංචාරක වීසා අවසරයක් සම්පූර්ණයෙන්ම නොමිලේ හිමිවන බවද සඳහන් කරයි.

මාලදිවයිනේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

Advertisements
Advertisements
0 Comments
Most Voted
Newest Oldest