බාලවයස්කාර දැරියකට ලිංගික අපයෝජනයක් සිදුකිරීමේ චෝදනාව මත රක්ෂිත බන්ධනාගාරගත කර සිටි අටමස්ථානාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි ඇප මත මුදා හැරීමට අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය අද (22) නියෝග කර ඇත.
රුපියල් ලක්ෂ 50ක ශරීර ඇප දෙකක් සහ රුපියල් ලක්ෂයක මුදල් ඇපයක් මත මුදා හැරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළ අතර විදෙස් ගමන් තහනමක් ද පනවා ඇත.
පූජ්‍ය පල්ලේගම හේමරතන හිමි ඇප කොන්දේසි කඩ කිරීම සහ සාක්ෂිකරුවන්ට බලපෑම් කළහොත් ඇප නියෝගය අවලංගු කරන බවද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.
මෙම සිදුවීමට මුහුණ පෑ වින්දිත දැරිය මේ වන විට ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය යටතේ පවතින ළමා නිවාසයක ආරක්ෂිතව රඳවා තබා ඇති බව අධිකරණයේදී අනාවරණය විය.
