කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ගුවන් මගීන් පැය 04කට පමණ පෙර ගුවන් තොටුපොළ වෙත පැමිණෙන ලෙස ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කරයි.
ඒ ගුවන් තොටුපොළ අවට ප්රදේශය මේ වනවිට ගංවතුර ආපදා තත්වයකට ලක්ව තිබීම හේතුවෙන් මෙම දැනුම්දීම කර ඇත.
මෙම තත්ත්වය හේතුවෙන් ගුවන් තොටුපොළ වෙත පිවිසෙන මාර්ග බොහොමයක් ජලයෙන් යටවෙමින් පවතී.
ඒ හේතුවෙන් ගුවන්තොටුපළට පිවිසීම සඳහා කොළඹ – කටුනායක අධිවේගී මාර්ගය හැකිතාක් භාවිතා කරන ලෙසත් නිවේදනයක් නිකුත් කරමින් ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා සඳහන් කරයි.
මේ වනවිට කටුනායක ගුවන් තොටුපොළ නයිකන්ද හා කෝවින්න ප්රදේශයේද ගංවතුර තත්ත්වයක් පවතී.
ඒ හේතුවෙන් විකල්ප මාර්ග භාවිතා නොකර ප්රධන අධිවේගී මාර්ගය භාවිතා කරන ලෙස ගුවන් තොටුපොළ කාර්යය භාර නිලධාරීවරයා දැනුම් දෙයි.

