LIVE
පසුගියදා දිවයිනට දැඩි ලෙස බලපෑ “දිට්වා” සුළි කුණාටු තත්ත්වය හේතුවෙන් විවිධ ආපදාවන්ට සහ දේපළ හානිවලට ලක්වූ ජාත්‍යන්තර පොලිස් සංගමයේ සාමාජික පොලිස් නිලධාරීන් වෙත මූල්‍යමය ආධාර පිරිනැමීමේ විශේෂ උත්සවයක් (22) දින කොළඹ පොලිස් මූලස්ථානයේදී පැවැත්විණි.
පොලිස්පතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සුවිශේෂී අවස්ථාවේදී, පීඩාවට පත් නිලධාරීන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ගේ කඩිනම් සුබසාධනය උදෙසා අදාළ මූල්‍ය ප්‍රතිපාදන චෙක්පත් මගින් පිරිනැමීම සිදු කෙරිණි.
හදිසි ස්වභාවික විපත්වලදී මෙන්ම දැඩි දුෂ්කරතා මධ්‍යයේ වුවද තම රාජකාරිය නොපිරිහෙළා ඉටුකරන පොලිස් නිලධාරීන්ගේ සුබසාධනය වෙනුවෙන් ශ්‍රී ලංකා පොලිසිය සහ ජාත්‍යන්තර පොලිස් සංගමය නිරතුරුවම කැපවී සිටින බව මෙමගින් තවදුරටත් තහවුරු කෙරේ.
