Advertisements

මොලේ උණ රෝගීන් ඉහළ⁣ට.. ජනතාවට දැනුම්දීමක්

දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් වාර්තා වී ඇති උණ රෝගී තත්ත්වය මෙනින්ජයිටිස් හෙවත් මොළේ උණ රෝගයක් බවට හඳුනාගෙන ඇතැයි, වසංගත රෝග විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම සඳහන් කරයි.

ඒ අනුව දියතලාව ප්‍රදේශයෙන් රෝගීන් 28ක් වැලිමඩ ප්‍රදේශයෙන් රෝගීන් 13ක් සහ රිකිල්ලගස්කඩ ප්‍රදේශයෙන් රෝගීන් 25ක්  වාර්තා වී ඇති බවද වසංගත රෝග විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම සඳහන් කරයි.

වැසි සහිත කාලගුණික තත්ත්වය සහ ඉදිරියේදී වෙසක් උත්සවයට සංවිධානය කෙරෙන දන්සල් හේතුවෙන් රෝගය තවදුරටත්  පැතිර යා හැකි බැවින් ඒ පිළිබඳව සැලකිලිමත්ව කටයුතු කරන ලෙසද විශේෂඥ වෛද්‍ය පාලිත කරුණාපේම ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

මේ අතර රෝගය වාර්තා වූ රෝගීන්ගේ සුසුම් තරල පරීක්ෂාවේදී එම රෝගය වාර්තා වූ වැඩි පිරිසක් ළමුන් ලෙස හඳුනාගත් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරයි.

එම රෝගී තත්ත්වය සමීප ආශ්‍රිතයින් පානය කරන ජලයෙන් සහ ස්පර්ශයෙන් බෝවන බවද විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ සඳහන් කරයි.

මෙහි රෝග ලක්ෂණ ලෙස උණ, හිසේ කැක්කුම, වමනය සහ ඔක්කාරය, බෙල්ල ආශ්‍රිත තද ස්වභාවය, හිරු එළියට නිරාවරණය වීමේ අපහසුතා හඳුනාගෙන ඇත.

Advertisements
Advertisements
1 Comment
Most Voted
Newest Oldest