පසුගියදා බත්තරමුල්ල රණවිරු ස්මාරකය අසල ඇති වූ සිද්ධියට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී විමල් වීරවංශට පොලිසියෙන් කැඳවීමක් කර ඇත.
ඒ අනුව එම සිදුවීමට අදාළව අද (25) දින ප්රකාශයක් ලබාගැනීම සඳහා හිටපු මන්ත්රී විමල් වීරවංශට තලංගම පොලිසිය වෙත පැමිණෙන ලෙස දැනුම්දීමක් කර ඇත.
මේ අතර රණවිරු ස්මාරකය අසල සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් දැනගන්න තියෙන විදියට තමන් අත්අඩංගුවට ගනීවි යැයි හිටපු මන්ත්රී විමල් වීරවංශ සඳහන් කළේය.
