අද (25) දිනයේ සිට රන් භාණ්ඩ ඇපයට තබා ගන්නා උකස් ණය සහ වාහන සඳහා ලබාදෙන ණය වලට අදාළ රෙගුලාසි දැඩි කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ඒ අනුව රන් භාණ්ඩ ඇපයට තබා ලබා ගත හැකි උපරිම ණය සීමාව, එහි වටිනාකමෙන් 70%ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
නව රෙගුලාසිවලට අනුව වාහනයක් මිලදී ගැනීමේදී ලබා ගත හැකි උපරිම ණය සීමාව, 10% කින් අඩුකර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.
ඒ අනූව වාණිජ වාහන සඳහා ලබාදෙන ණය ප්‍රතිශතය, වටිනාකමෙන් 60%ක් වන අතර පෞද්ගලික වාහන සදහා වටිනාකමින් 40%ක ණය මුදලක් ලබාදෙයි.
මෙතෙක් වාණිජ වාහනයක් සඳහා වටිනාකමින් 70%ක්ද, පෞද්ගලික වාහනයක් සඳහා වටිනාකමින් 50% ක් ලබාදුන් අතර නව නීති, අද (25) සිට සහ අදින් පසු අලුත් කරන පෙර ලබාගත් ණය සඳහා ද, ක්‍රියාත්මකයි.
එලෙස නව නීති හඳුන්වාදී ඇත්තේ, බැංකු සහ මූල්‍ය සමාගම් මඟින් වඩාත් සැළකිලිමත්ව ණය ලබාදීම දිරිමත් කිරීම සහ මූල්‍ය පද්ධතියේ ස්ථාවරත්වය ආරක්ෂා කිරීමේ අරමුණින්.
