ශ්‍රී ලංකා පොලිසියේ පරිහරණය සඳහා ඉන්දු – ශ්‍රී ලංකා මිත්‍රත්ව වැඩසටහන යටතේ ඉන්දියානු රජය විසින් පරිත්‍යාග කරන ලද කැබ් රථ (single cabs) 134ක් නිල වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත භාර දීම අද (25) දින ජනාධිපති කාර්යාලයේදී සිදු විය.
ඉන්දියානු රජය මේ සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 300ක් වන අතර, මෙම කැබ් රථ උතුරු පළාත් පොලිස් ස්ථාන වෙත භාර දීමට නියමිතය.
ඉදිරියටත් මෙවැනි ආධාර ශ්‍රී ලංකාවට ලබා දීමට කටයුතු කරන බව ඉන්දියානු මහකොමසාරිස් සන්තෝෂ් ජා මෙහිදී සඳහන් කළේය.
ඉන්දියානු රජය විසින් සිදු කරන ලද මෙම පරිත්‍යාගය අගයමින් පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය විසින් ඉන්දීයානු මහකොමසාරිස් සන්තෝෂ් ජා වෙත සමරු තිළිණයක්ද ප්‍රදානය කරන ලදී.

